Skip to main content

සිංහල විචාර 47 - සඳ කිඳුරු ජාතකය විචාරය 02 - උසස් පෙළ

සඳ කිඳුරු ජාතකය විචාරය

කුටුම්භ ජීවිතයේ දී පති භක්තිය කෙතරම් උසස් ගුණාංගයක් ද යන්න සඳකිඳුරු ජාතකයෙන් අනාවරණය කරයි. නියමිත නිදසුන් මගින් විමසන්න. 

කුරුණෑගල යුගයේ බහු කර්තෘ මණ්ඩලයක් විසින් 'වහන්සේ'යන ගෞරවාන්විත නාමයෙන් හඳුන්වනු ලබන පන්සිය පනස් ජාතක කතා පොත බෞද්ධ සාහිත්‍යයේ පෙර අපරදිග ඉතාමත් ප්‍රසිද්ධ වූත්, වටිනා වූත් බෞද්ධ ග්‍රන්ථයක් බව නොඅනුමානය. මෙහි ජාතක කතා පන්සිය හතළිස් හතක් ඇති අතර වර්තමාන ලෝකයේ සියලු සිද්ධීන් පාහේ අඩංගු කරුණු මෙහි ඉතාමත් සරලව සංශිප්තව අඩංගු වේ.

කුඩුම්බ ජීවිතයක් ගත කරන ගිහි ජීවිතයේ කාන්තාවන් හට අත්‍යවශ්‍ය වූ ආභරණයක් බඳු පතිභක්තිය එදා, අද මෙන්ම හෙටටද නිසැකවම අවශ්‍ය වනු ඇත. එය සමාජ යහපැවැත්මට මහෝපකාරී වනු නොඅනුමානය. මෙහිදී ඉතාමත් සුඛිත වූ පතිභක්තියෙන් ගතකළ යසෝදරා දේවිය පිළිබඳ පන්සිය පනස් ජාතක කතා පොතේ ඉතාමත් අලංකාරවත් ලෙස හුවා දක්වා ඇත. බුදුන් වහන්සේ සියලු ආත්මභාවයන් පාහේ යසෝදරාවන් එක්ව කටයුතු කළ බව සඳහන් වනු ඇත. ලේන කුලයේ සිට බුදුන් වහන්සේගේ සසර ගමන අවසාන වන තෙක්ම යශෝදරාවන් බුදුන් හා සිටි බව සෑම කතාවකින්ම සුපැහැදිලි වනු ඇත.

මෙහිදී බුදුන් වහන්සේ කිඹුල්වත්පුර නිග්‍රෝධාරාමයේ වැඩ සිටින, තමාගේ පෙර ගිහි කළ ආදරණීය භාර්යාව වූ යසෝදරාවන් හට ධර්මය දේශනා කිරීම සඳහා වැඩම කළ සිටියහ. එහිදී තම භාර්යාව විසින් තමන් ගිහි කළ ජීවිතය අතහැර කොපමණ කලක් ගත වුවද, තමාට තිබෙන ආදරණීය භාවය හේතුවෙන් තම පතිභක්තිය ආරක්ෂා කර ගනිමින් සිටින බව බුදුන් වහන්සේට සුද්ධෝදන රජු සැල කළ සිටි අතර එය විස්මය උපදවන කරුණක් නොවන බව බුදුන් වහන්සේ සුද්ධෝදන රජුට අවධාරණය කළ සිටිය හ. එහිදී බුදුන් වහන්සේ දේශනා කර සිටියේ මෙම ආත්මෙ දී පමණක් නොව මනුෂ්‍ය මෙන්ම තිරිසන් ආත්ම වලදී වුවද යශෝදරාවන් මා සමඟ ඉතාමත් ආදර භක්තියෙන් පති භක්තියෙන් ජීවත්වූ බවයි. එය විස්මය උපදවන කරුණක් නොවන බව බුදුන් වහන්සේ යළිත් සුද්ධෝදන රජු හට දේශනා කළහ.

"නුඹ වහන්සේ එක් වේලක් අනුභව කරන බැව් අසා තමා ද එක් ආහාර වේලකින් යැපෙන්නෝ ය..."

සුද්ධෝදන රජු විසින් බුදුන් වහන්සේට කියා සිටියේ සිදුහත් කුමරු ගිහිගෙය හැරදා ගොස් සිටි දිනයේ පටන් ඔබ වහන්සේ එක් වේලක් අනුභව කරන වග යශෝදරාවන් දැන ඇය ද දිනකට එක් ආහාර වේලක් අනුභව කළ බවයි. එහි දැක්වෙන්නේ තම බිරිඳ ස්වාමියා කෙරෙහි කොපමණ ආලයක්, ආදර භක්තියක් ,පතිභක්තිය ඇත්ද යන වග නොවේද? බුදුන් වහන්සේ පැවිදි ජීවිතය ගත කරනු ලබන්නේ කෙසේ ද, ඒ අන්දමින් යසෝදරාවන් ද තම ජීවිතය හැඩ ගස්වා ගැනීම තුළින් පිළිබිඹු වනුයේ ඇගේ තිබූ පතිවෘත්තා ශක්තියේ බල මහිමය නොවේද? සුද්ධෝදන රජු විසින් මෙසේ බුදුන් වහන්සේට දිගින් දිගටම කියා සිටියේ යශෝදරාවන් තුළ තිබූ උතුම් පතිවෘත්තා ගුණය පිළිබඳවයි.

"තවද ඔබ වහන්සේ යි යි ඒ අසා තමන් ද බිම නිදා ගනිති..."

බුදුන් වහන්සේ බිම සයනය කරන බව දැන යශෝදරාවන් ද බිම සයනය කිරීම සිදු කළ බව සුද්ධෝදන රජු විසින් බුදුන් වහන්සේට කියා සිටිය ද එහිදී බුදුන් වහන්සේ සුද්ධෝදන රජු හට දේශනා කර සිටියේ නැවතත් එය විස්මය දනවන තොරතුරක් නොවන බවත් තමාගේ සියලු ආත්මයන්හි ඇය එසේම ඉතාමත් ආදරයෙන් බෝධිසත්වයන් වහන්සේ හා එක්ව ජීවත් වූ වගයි.

අනතුරුව බුදුන් වහන්සේ සුද්ධෝදන රජුට හා යශෝධරාවන්ට චන්න කින්නර ජාතකය හෙවත් සඳකිඳුරු ජාතකය දේශනා කරන ලදී .එහි දී බෝධිසත්වයන් වහන්සේ සඳ කිඳුරෙකු ගේ තිරිසන් යෝනියක, යශෝදරාවන් සඳ කිඳුරු කිඳුරියකගේ තිරිසන් යෝනියකත් උපත ලබා ඇත. බුදුන් වහන්සේ දේශනා කරන ආකාරය අනුව ලේනුන්ගේ තිරිසන් ආත්ම පටන් මෙලෙස බෝසතුන් හා යසෝදරාවන් සසර ගමන කෙළවර තෙක් ආත්මීය බැඳීමක් පැවතුන බව හෙළිදරව් වන බවයි. එය පන්සිය පනස් ජාතක පුරා කතා පන්සිය හතලිස් හත කම දැක්වෙන්නේ නිදසුන් ලෙසයි. මෙම කාලයේ දී සඳ කිඳුරා හා කිඳුරිය එක්ව එකට ඉතාමත් ආදරයෙන්, ඉතාමත් ප්‍රීතියෙන් සතුටින් සිටින අවස්ථාවක මෙම ස්ථානයට බ්‍රහ්මදත්ත රජු පැමිණ සඳ කිඳුරිය ලබා ගැනීමේ අරමුණින් හෙවත් විවාහ කර ගැනීමේ අරමුණින් පාද පරිචාරිකා කරගැනීමට රුචියක් සිත්හි තබා ගෙන සඳකිඳුරා හෙවත් අප මහා බෝසතාණන් වහන්සේ මරාදැමීමට ඊතල ප්‍රහාරයක් එල්ල කළේය. හී පහරින් බිම ඇදවැටුණු සඳ කිඳුරා මිය යාමට ආසන්න ව සිටි කල සඳ කිඳුරිය මෙම සිද්ධිය දැක ඉතාමත් දුකට පත්ව හඬන්නට ගත්තාය. එහිදී එම ස්ථානයට පැමිණි බ්‍රහ්මදත්ත රජු තමාගේ අදහස සඳකිදුරියට හෙවත් චන්ද්‍රා ට යෝජනා කළ අතර එහිදී ඉතා පති භක්තියෙන් කටයුතු කළ සඳ කිඳුරිය බ්‍රහ්මදත්ත රජුට බැන එතැනින් එළවා දැමීමට කටයුතු කිරීමෙන් ඇගේ පතිවෘත්තා ගුණයේ මහත් බව ප්‍රකාශ වනු ඇත.

"තවද පවිටු වූ රජු තාගේ මව්ද නොදැක සොහොන් වදීවායි...."

ඉතාමත් නින්දිත අන්දමින් බැණ වැදුණු බ්‍රහ්මදත්ත රජුට තමාගේ මරණය සිදු වුවත් ඔබගේ බිරිඳ වීමට මාගේ කිසිදු කැමැත්තක් නො වන බව කියා සිටියාය. ඇය විසින් තම සඳකිඳුරා ට තිබු ආලයේ මහිමය කෙතරම් ද කියතොත් රජුහට සාප කොට බැන සිටියාය. එහිදී රජුගේ මරණයේදී මව නොදැකීම අඹුදරුවන් නොදැකීම යන කරුණු කාරණා පවසමින් රජුට දොස් නගමින් බැන සිටියාය. ශාප කළාය. මෙම අවස්ථාවෙන් සැකවින් ම පැහැදිලි වන්නේ යසෝදරාවන් තම ස්වාමියා කෙරෙහි එකල ද අසීමිත ආදරයක් දැක්වූ බවයි. පතිවෘත්තාව මනා ලෙස දැක්වූ කාන්තාවක් බවයි. එම තිරිසන් ආත්මයේ වුවද ස්වාමියා කෙරෙහි තිබූ ගෞරවාන්විත භාවය, ආදර භක්තිය පතිවෘත්තාව යන උතුම් ස්ත්‍රී ලක්ෂණයන් එකල ද ඈ සතුව තිබුණි. කොතරම් රජුගේ සැපසම්පත් ලැබුවත්, රජුගෙ අගමෙහෙසිය වීමට ලැබුණත් ඇය ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් තම ස්වාමියා කෙරෙහි ම ආලය දක්වමින්, පතිවෘත්තාව දක්වමින් ස්වාමියා ළඟ හඬා වැලපෙන්නට විය. එහිදී සඳ කිඳුරියගේ පතිවෘතා බලය කෙතරම් ද යන්න අපට පැහැදිලි වනු ඇත.

"අවලක්ෂණ තුමා නිසා නිරපරාදේ මාගේ සමනා මැරිද ඔහු කිරි ස්නේහයෙන් අඩා මියන පමණක් වූත් තාගෙ පාදපරිචාරිකා වීමක් ඒකාන්තයෙන් වු නොවේ...."

මෙලෙස සඳ කිඳුරිය විසින් බ්‍රහ්මදත්ත රජුට අවලාද නගමින් බැන වැදීමෙන් පෙනී යන්නේ, ගම්‍යමාන වනුයේ සඳ කිඳුරිය ගේ තිබූ උතුම් පතිවෘත්තා බලයේ මහිමයයි. එතරම් ධනස්කන්දයක් දහසය දාහක් පුර අන්ගනාවන් අතරින් අග තනතුර ලැබීමත්, වැනි කිසිවක් නොලබා තම ස්වාමියා මත්තේම සිටින කාන්තාවන් අද සමාජයේ අතලොස්සකි.

පන්සිය පනස් ජාතක කතා පොතෙහි සඳහන් වන මෙම උතුම් ජාතක කතාව සඳකිඳුරු දා කව හෙවත් චන්නකින්නර ජාතකය එදා අද සහ හෙටටත් මානව සමාජයේ පවතින ගැටලු විශාල ප්‍රමාණයකට පිළිතුරු සපයන බව නොඅනුමානය. කුඩුම්බ ජීවිතයක් ගත කරන චන්ද්‍ර නම් සඳ කිඳුරියගේ පතිභක්තිය කෙතරම් ද යන වග බුදුන් වහන්සේ එසේ කියා නිම කරන ලදී.

එම චන්න කින්නර ජාතකයේ සඳකිඳුරා ලෙස අප මහා බෝසතාණන් වහන්සේ ද සඳ කිඳුරිය ලෙස යශෝධරා දේවීන් වහන්සේ ද බ්‍රහ්මදත්ත රජු ලෙස අනුරුද්ධ මහ රහතන් වහන්සේ ද සිටි බව සඳහන් වී ඇත. බුදුන් වහන්සේ පෙර පැවසූ ආකාරයටම චන්ද්‍රා නම් සඳ කිඳුරිය තම මුළු සසර පුරාවටම තිරිසන් හෝ වේවා, මනුෂ්‍ය හෝ වේවා මේ සියලු ආත්ම භාවයන් කෙරෙහි ඉතාමත් ආදර භක්තියෙන් තම සහකාරිය ලෙස ඉතාමත් උසස් අන්දමින් කටයුතු කළ බව බුදුන් වහන්සේ එහිදී දේශනා කළ සිටියහ.

මෙහිදී කුඩුම්බ ජීවිතයක් ගත කරන සෑම ස්ත්‍රියක් තුළම පැවතිය යුතු උතුම් ගුණාංගයක් ලෙස බුදුන් වහන්සේ දක්වන්නේ උතුම් පතිවෘතා භාවයයි.එය චන්න කින්නර ජාතකයේ චන්ද්‍රා නම් සඳු කිඳුරියගේ චරිතයෙන් මනාව විද්‍යාමාන වන බව නොරහසකි.

- දසුනි මහවත්ත -





Comments